Tuesday, October 26, 2010

කඩමණ්ඩියේ

කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව සිටියත් ගොලු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

ගහකොල වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට පවා දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මො‍ටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම ‍මොටද ලංවී රොන් ගන්න බැරි

ගායනය - නන්දා මාලිනී

1 අදහස්:

Mind Therapy - Open universe said...

නියමයි ඔයාලගේ සයිට් එක.....

Post a Comment

ගී පදවල , තොරතුරු වල වැරැද්දක්, තව අළුත් තොරතුරක් , අදහසක් තිබේ නම් කියන්න