Thursday, October 28, 2010

සිංහල සින්දු කියන

සිංහල සින්දු කියන නලළේ තිලක තියන කිරිල්ලියේ
තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශී වී
පිණි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලි
මධු සමේ මධුර කටු අතරේ පිපී වැනුන සුරූපී

ගිනි අවිත් එක්ක පෙමින් බැඳුන විහඟ සෙනඟ අඬාවි
ඒ කඳුලු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි රැක ගනින් ‍දේවතාවී

ගායනය - ගුණදාස කපුගේ

0 අදහස්:

Post a Comment

ගී පදවල , තොරතුරු වල වැරැද්දක්, තව අළුත් තොරතුරක් , අදහසක් තිබේ නම් කියන්න