Showing posts with label දීපිකා ප්‍රියදර්ශනී පීරිස්. Show all posts
Showing posts with label දීපිකා ප්‍රියදර්ශනී පීරිස්. Show all posts

Monday, October 25, 2010

ආයුබෝවන් පෙම්බරානනි

ආයුබෝවන් පෙම්බරානනි ඔබට සුභ දවසක්
දුකක් නොලැබෙන හෙටක් වෙනුවෙන්
සුසුම් සුභ පැතුමක්
ඔබට සුභ දවසක්...

පැනින් නහවා
ඇඟිලි ගෙලවට රනින් තැලි පලඳා
සසරා ඉම තෙක් එකව ඉන්නට
ආදරෙන් කොඳුරා
අතින් අත බැඳුනා.....

හාදු තැවරූ රෝස කම්මුල්
රළු අතින් රිදවා
දෙතොල ඉකිලන
සුසුම් කැඳවන
රුදුරු බස් බනවා
නෙතු කඳුලු පුරවා

ඔබෙන් රිදවුනු නෙතින් ගිලිහුනු
කඳුලු පැන් කලසක්
යහන පාමුල විහිදුවා යමි
ඔබට සුභ දවසක්
ඔබට සුභ දවසක්.............

ගායනය දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

සිංදුව ලබාගන්න