Thursday, October 28, 2010

සැඳෑ කලුවර

සැඳෑ කලුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගේ සරා සඳ, තනි වෙලා මා තනි වෙලා

වලාකුලකුදු නොමැති අහසේ මලානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාලු වී ඇත
අඳුර පමණක් රජ වෙලා


ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තෙ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර මගේ හිස මත බ‍ර වෙලා

ගායනය - නන්දා මාලිනී

0 අදහස්:

Post a Comment

ගී පදවල , තොරතුරු වල වැරැද්දක්, තව අළුත් තොරතුරක් , අදහසක් තිබේ නම් කියන්න