එදා මෙදා තුර කඳුලට විවරවු දෑස් පියන්පත් කවුලු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පිරූ රත් දෙතොල් පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනක සොඳුරිය මට නොකියාම ගියා
දෑස් කවුලුපත් පලා කඳුලු කැට වෑහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින්
ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ
ඊයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ
ගායනය - සනත් නන්දසිරි
Showing posts with label Sanath Nandasiri. Show all posts
Showing posts with label Sanath Nandasiri. Show all posts
Thursday, October 28, 2010
දුලීකා
සීත රෑ යාමේ අඳුරේ
වාසනා නිල් දෑස පායා
ආදරේ උණුසුම් සුසුම් වැල්
මා හදේ රහසේ රැඳුනා
දුලීකා…
මා බලා සිටියා දිවා රෑ කල්පනා යහනේ
නෑ එවන් රුව තාම දුටුවේ නාඳුනන සිහිනේ
මා ඔබේ හසරැල් ජලාශේ කිමිදෙනා මොහොතේ
ඔබ සොයා එන්නම් ඉගිල්ලී තාරකා එළියේ
ගායනය - සනත් නන්දසිරි
වාසනා නිල් දෑස පායා
ආදරේ උණුසුම් සුසුම් වැල්
මා හදේ රහසේ රැඳුනා
දුලීකා…
මා බලා සිටියා දිවා රෑ කල්පනා යහනේ
නෑ එවන් රුව තාම දුටුවේ නාඳුනන සිහිනේ
මා ඔබේ හසරැල් ජලාශේ කිමිදෙනා මොහොතේ
ඔබ සොයා එන්නම් ඉගිල්ලී තාරකා එළියේ
ගායනය - සනත් නන්දසිරි
Subscribe to:
Comments (Atom)