Thursday, October 28, 2010

රෑ අහසින්

රෑ අහසින් වැටෙනා බින්දු බින්දු පිණි බින්දු
නොපිපි මල සොයනවා
මුවා වී, ඉන්න එපා, හරි සීතලයි
සීතලයි පින්න

සිප ගන්න බයෙන් මහ පොළොව
පිණි බින්දු හඬනවා, නිම්නාද දී
දෙතොලතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න

අනෝරා පිණි යටින් තෙමි තෙමී ඇවිදින්න
ගිනි නැගෙනා ආත්මය පිණි දියෙන් දෝවන්න
සිරුරතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න

ගායනය - කසුන් කල්හාර

0 අදහස්:

Post a Comment

ගී පදවල , තොරතුරු වල වැරැද්දක්, තව අළුත් තොරතුරක් , අදහසක් තිබේ නම් කියන්න