Tuesday, October 26, 2010

සඳ හොරෙන් හොරෙන්

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා

කඳුලු බිඳු ගලා ස‍ඳේ තුරු ලතා පුරා
සියොළඟම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී
මහත් වියරුවෙන්

කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා
ඔබේ සිසලසින්

ගායනය - ඩබ්. ඩී. අමරදේව

0 අදහස්:

Post a Comment

ගී පදවල , තොරතුරු වල වැරැද්දක්, තව අළුත් තොරතුරක් , අදහසක් තිබේ නම් කියන්න