Showing posts with label නන්දා මාලිනී. Show all posts
Showing posts with label නන්දා මාලිනී. Show all posts

Saturday, November 13, 2010

වහින්නට හැකි නම්

වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්

රැඳෙන්නට හැකි නම් ලමා කැල
හඬන දෙතොලඟ සිනාවක් වී
පිපෙන්නට හැකිනම් දුරින් දුර
නෙලා ගත හැකි වන මලක් වී

නිදන්නට හැකිනම් දෙනෙත් තුල
සැබෑ වෙන සුබ සිහිනයක් වී
ගැයෙන්නට හැකි නම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී

ගායනය - නන්දා මාලිනි

Thursday, October 28, 2010

සැඳෑ කලුවර

සැඳෑ කලුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගේ සරා සඳ, තනි වෙලා මා තනි වෙලා

වලාකුලකුදු නොමැති අහසේ මලානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාලු වී ඇත
අඳුර පමණක් රජ වෙලා


ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තෙ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර මගේ හිස මත බ‍ර වෙලා

ගායනය - නන්දා මාලිනී

Tuesday, October 26, 2010

කඩමණ්ඩියේ

කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව සිටියත් ගොලු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

ගහකොල වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට පවා දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මො‍ටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම ‍මොටද ලංවී රොන් ගන්න බැරි

ගායනය - නන්දා මාලිනී