Showing posts with label Edward Jayakody. Show all posts
Showing posts with label Edward Jayakody. Show all posts

Thursday, October 28, 2010

පන්සලේ පල්ලියේ

පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තැනූ පිළිම දාගැබ් පෙනේ ලෝකයක් දණ නැමූ
ඒ අපේ ශක්තියයි ඒ අපේ ජීවයයි වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ

මේ බවක් තේරුණේ නැති කමින් ලෝකයේ නැති කමයි රජ වුනේ දුක් නොවව් මිනිසුනේ
හෙට වුනත් නෑ පමා පණ පොවා ජීවිතේ රළ පෙළක් සේ නැගෙව් මියැදුනත් හාමතේ

වීරියෙන් රට නැගූ දහදියෙන් බිම තෙමූ ජීවිතේ වේදනාවෙන් සදාකල් ගෙවූ
මිනිසුනේ හදවතේ ලේ වලින් පණ ලැබූ පරපුරක් බිහි කරව් මාවතේ තනි නොවූ

ගායනය - එඩ්වඩ් ජයකොඩි

මිණි මිණි පොද

මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි
ඔබ එනවානම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ මම ඉන්නම්

ලා සඳ පලුව ඇවිත් නිල් දිය මුදුනින්
රන් තරු මාල බැඳන් රන්වන් අහසින්
අද හොඳම දවස
අද හොඳම දවස ඔබ එනවානම්

බිම් කලුවර ඇවිදින් පිරෙන්නට කලින්
සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින්
අද හොඳම දවස
අද හොඳම දවස ඔබ එනවානම්

ගායනය - එඩ්වඩ් ජයකොඩි

Tuesday, October 26, 2010

නුඹට හිතැති

නුඹට හිතැති නුඹ හිත නැති හිතක් අඬනවා
මට හිත නැති උනත් නුඹෙන් හෙටක් පතනවා
හිතැති හිතක් හඬනවා

ගමක කඳුළු නුඹේ නමට නෙතින් ගලනවා
රෑ සිහිනෙන් පෙම් දිව සළු සිත දැවටෙනවා

ආදරයෙන් පිරුණු ලොවක් ඇතැයි හිතෙනවා
එවන් ලොවට මල් පාවඩ නුඹත් එළනවා

ගායනය : එඩ්වඩ් ජයකොඩි

සිංදුව ලබාගන්න