මේ කඳුලු බින්දුව මගේ නොවේ
එය ඔබේමයි
ඇඳ වියල ලඟ අඬ සඳින් දිදුලන
මළ තාරකාවක සිහින කැටි වුන
මේ කඳුලු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි
හඬන්නට කිසිදා නොදැන සිටි මට
මලපොත කියා දී නොකියාම ගිය
මේ කඳුලු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි
ගායනය - සුනිල් එදිරිසිංහ
Showing posts with label Sunil Edirisinghe. Show all posts
Showing posts with label Sunil Edirisinghe. Show all posts
Thursday, October 28, 2010
රෝස කුසුමක්
රෝස කුසුමක් පිපී නොවිඳි සුවඳක් දැනේ
නොලද සුවයක් සදා පුබුදුවා සුවහසක් පැතුමන්
රෝස කුසුමක් පිපී
මා අවදි කර යහනින් ඔබ එබී හිනැහී කවුලුවෙන්
කියා රහසක් සැලෙන දෙතොලින් නොනැඟෙනා වදනින්
නොහැඟෙනා අරුතින්
ඔබේ සුවඳ ලද මොහොතින් සිත වෙලා සිටි ඒ ආදරෙන්
මගේ තනිකම හඬයි ඉකිබිඳ දෙපා මුල හැපෙමින්
වසා මුව දෝතින්

Subscribe to:
Comments (Atom)