Thursday, October 28, 2010

දුලීකා

සීත රෑ යාමේ අඳුරේ
වාසනා නිල් දෑස පායා
ආදරේ උණුසුම් සුසුම් වැල්
මා හදේ රහසේ රැඳුනා

දුලීකා…

මා බලා සිටියා දිවා රෑ කල්පනා යහනේ
නෑ එවන් රුව තාම දුටුවේ නාඳුනන සිහිනේ

මා ඔබේ හසරැල් ජලාශේ කිමිදෙනා මොහොතේ
ඔබ සොයා එන්නම් ඉගිල්ලී තාරකා එළියේ

ගායනය - සනත් නන්දසිරි

0 අදහස්:

Post a Comment

ගී පදවල , තොරතුරු වල වැරැද්දක්, තව අළුත් තොරතුරක් , අදහසක් තිබේ නම් කියන්න