වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්
රැඳෙන්නට හැකි නම් ලමා කැල
හඬන දෙතොලඟ සිනාවක් වී
පිපෙන්නට හැකිනම් දුරින් දුර
නෙලා ගත හැකි වන මලක් වී
නිදන්නට හැකිනම් දෙනෙත් තුල
සැබෑ වෙන සුබ සිහිනයක් වී
ගැයෙන්නට හැකි නම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී
ගායනය - නන්දා මාලිනි
Twitter
Facebook
Digg
Delicious
Stumble
0 අදහස්:
Post a Comment
ගී පදවල , තොරතුරු වල වැරැද්දක්, තව අළුත් තොරතුරක් , අදහසක් තිබේ නම් කියන්න