Monday, October 25, 2010

මනමේ කුමාරී..

කඩුව එපා නුඹේ දෑත දියන් මට මනමේ කුමාරී

කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී //
මනමේ කුමාරී
ප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී

වාත වේග හී සර හුරු මට
මෙය අදහා ගන්නට බැරි දෙයකී
ආල නුරා මල් හී මෙතරම්
ඇයි නපුරු කියාපන්
ප්‍රේමිය මනමේ කුමාරී //

කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී //
මනමේ කුමාරී
ප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී

සීත සඳුන් ලා දළු සීතල
නුඹේ තවය තවරා හෙමින් හිනා වී
දෑත් දියන් නුඹේ කඩුව නොවේ
ලොව දිනන්න කුමාරී
ප්‍රේමිය මනමේ කුමාරී

කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී //
මනමේ කුමාරී
ප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී

ගායනය කසුන් කල්හාර

සිංදුව ලබාගන්න

0 අදහස්:

Post a Comment

ගී පදවල , තොරතුරු වල වැරැද්දක්, තව අළුත් තොරතුරක් , අදහසක් තිබේ නම් කියන්න